Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

චීන - පාකිස්ථාන සබඳතා වර්ධනයට හමුදා ප්‍රධානින්ගේ හමුවක්

චීනයේ සංචාරයක නිරත පාකිස්ථාන හමුදා ප්‍රධානී කමාර් ජාවිඩ් බජ්වා එරට හමුද ප්‍රධානීන් ඇතුලු ඉහළ පෙලේ නායකයින් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

පාකිස්ථාන හමුදා ප්‍රධානියා 17 වැනි දින චීනයට පැමිණි අතර ඔහු තෙදිනක් චීනයේ සංචාරය කිරීමට නියමිතයි. චීන විදේශ අමාත්‍යවරයාගේ ඉස්ලාමාබාද් සංචාරයෙන් අනතුරුව පාකිස්ථාන හමුදා ප්‍රධානියා චීනයේ සංචාරයක නිරත වන බවයි, විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ. පාකිස්ථාන හමුදා ප්‍රධානියාගේ මෙම සංචාරය චීන පාකිස්ථාන සබඳතා වර්ධනයට මෙන්ම හමුදා අතර, අනොන්‍ය සම්බන්ධතාවන් වර්ධනය කර ගැනීමට යහපත් අවස්ථාවක් වනු ඇති බව, චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.