Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

කොටස් වෙළෙඳ‍පළ වේගයෙන් පහළට

කොළඹ කොටස් වෙළෙඳ ‍පළ මාස දහඅටකට පසුව වාර්තා කළ අවම සමස්ත කොටස් මිල දර්ශකයේ අගය 18 වැනි දින වාර්තා කළේය.

ඒ ඒකක හයදාහක් වශයෙනි. සැප්තැම්බර් 7 වැනි දින වනවිට ඒකක හයදහස් එකසිය දහ හතයි දශම අටයි නවයක් වූ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය සැප්තැම්බර් 10 වැනි දින වනවිට ඒකක හයදහස් අනූහයයි දශම පහයි හතරක් බවට පත්විය. 18 වැනි දින වනවිට එය ඒකක හයදාහ දක්වා අඩුවී තිබේ. කොළඹ කොටස් වෙළෙඳ ‍පොළ මිල දර්ශකයන්ගේ අගය දිගින් දිගටම පහළ වැටීමට හේතුව දෙස් විදෙස් ආයෝජන සහභාගීත්වය පහළ වැටීම බව කොටස් වෙළෙඳ ‍පොළ විශ්‍ලේෂකයෝ පෙන්වා දෙති.