Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

උප්පැන්න - විවාහ - මරණ සහතික විනාඩි 5න්

උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබා දීමේ සේවාව බත්තරමුල්ල රෙජිස්ට්රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ගේ උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් විනාඩි පහක කාලයක දී ලබා ගැනීමේ හැකියාව ලැබේ. මේ අනුව 1960 වර්ෂයේ සිට 2012 දක්වා දිවයින පුරා නිකුත් කරන ලද සියලුම සහිතක පිටපත් කර දත්ත ගබඩාවකට එක්කර ඇති අතර, එම තොරතුරු ක්ෂණයකින් ලබාදීමේ හැකියාව පවතී.  ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙතෙක් මෙරට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332 අතරින් කාර්යාල 183ක පමණක් මෙම සේවාව ක්‍රියාත්මක වූ බවයි.

මීට අමතරව මාලිගාවත්ත සහකාර රෙජිස්ට්ටාර් ජනරාල් මධ්‍යම ලේඛනාගාරයේ ද මෙම කඩිනම් සේවාව ක්‍රියාත්මක වේ.