Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 25, 2018

එක්සත් ජාතීන්ගේ මහ සැසිවාරය අද ( 25)

“එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම” යන්න තේමාව කරගත් මෙම ප්‍රධාන සැසිවාරය සඳහා ලෝකයේ රටවල් 193ක රාජ්‍ය නායකයින් සහභාගී වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳ මෙහිදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටින අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිව්යෝර්ක් වේලාවෙන් අද (25) පස්වරුවේ ජගත් මහා මණ්ඩලය ඇමැතීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.