Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 19, 2018

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍ය නායකයින් අතර හමුවක්

උතුර සහ දකුණු කොරියානු රාජ්‍ය නායකයින් අතර හමුවක් උතුරු කොරියාවේදී. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පවත්වා තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිද මෙම සංචාරයට එක්ව ඇති අතර, ඔවුන් දින 3ක් උතුරු කොරියාවේ රැදී සිටිනු ඇති. ඇමරිකාව හා මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමත් අන්තර් කොරියානු සබඳතා වර්ධනය කිරීමත් දකුණු කොරියානු ජනපතිවරයාගේ අරමුණ වී තිබේ. පසුගිය මාස කිහිපය තුළ දෙරටේ නායකයින් දෙවතාවක් හමු වූ අතර මෙවර කොරියානු අගනුවරදී දකුණේ නායකයෙකු එක්වන්නේ දශක ගනණාවකට පසුව බව පැවසේ. දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හා ඔහුගේ බිරිඳ කිම් ජූන් සූක් උතුරු කොරියාවේදී උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ඔවුන් තෙදින නිල සංචාරයක් නිරත වෙනු ඇති බව ද සඳහන් වේ.