Social Icons

facebookrss feedemailtwitter

Wednesday, September 26, 2018

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ආධාරයක්

එක්සත් ජනපද රජයට අයත් සහශ්‍ර අභියෝගතා සංස්ථාව ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය. මෙම මුදල් පරිත්‍යාගයට අදාළ කෙටුම්පත දැනටමත් සකස් කර අවසන් බව ද පැවසේ. එය ඉදිරි දිනවලදී එක්සත් ජාතීන්ගේ සෙනට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද Brock Bierman මහතා පැවසීය. අනුමැතිය ලැබීමෙන් පසු දෙසැම්බර් මාසයේ දී අදාළ ගිවිසුම කොළඹ දී අත්සන් තැබීමට හැකි බව ඔහු සදහන් කර ඇත.