Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 18, 2018

ඉරානය යුරේනියම් බල ගැන්වීමට සූදානම්

යුරේනියම් බල ගැන්වීමේ කටයුතු ඉහළ නංවා ගැනීමට ඉරාන රජය සූදානම් බව එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

ඇමරිකාව ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමට ගෙන ඇති පියවර සමඟ යුරෝපය ද අඛණ්ඩව සක්‍රීයව සහය නොදුන හොත් තම රජය ඉදිරියේදී මෙම ක්‍රියාව අනුගමනය කරන බව එරට විදේශ අමාත්‍ය Mohammad Javad Zarif මහතා පසුගියදා මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත. ඇමරිකාවේ සම්බාධක පැණවීමෙන් සිදුව ඇති බලපෑම නතර කිරීම සඳහා යුරෝපය සහ එම ගිවිසුමට අත්සන් තැබූ සෙසු පාර්ශ්වයන් පියවර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.