Social Icons

facebookrss feedemailtwitter

Friday, September 21, 2018

හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට

රජයට අයත් ආයෝජන අරමුදලක තිබිය යුතු එක්සත් ජනපද ඩොලර් මිලියන 628ක මුදලක් තම පෞද්ගලික ගිණුමේ තිබීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රාසක් අත්අඩංගුවට පත්විය.

පසුගිය මහ මැතිවරණයේදී නජීබ් රසාක්ගේ පරාජයට හේතු වූයේ දූෂණ චෝදනා වන අතර දශක පහකට පසු පාලක පක්ෂය පරාජය කරමින් මහතීර් මොහොමඞ් බලයට පත්වීය. අදාළ රාජ්‍ය ආයෝජන අරමුදලට අයත් ගිණුමේ තිබිය යුතු මුදල් එහි නැතැයි අනාවරණය විය. පසුව එම මුදල් හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් ගිණුමක තිබෙන බව විමර්ශන වලින් හෙළි විය.