Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 12, 2018

ලබන සතියෙ බස් ගාස්තු සියයට 10 කින් ඉහළට

ලබන සතිය තුළ බස් රථ ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය. වසරකට වරක් ජුනි මාසයේ 1 වැනි දින සිදු කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධනයට මෙය ඇතුළත් කරන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව දැනට පවතින අවම ගාස්තුව වන රුපියල් 10 සංශෝධන බස් රථ ගාස්තුවෙන් අනතුරුව රුපියල් 11 වන බව ද සභාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය. එම ගාස්තු සංශෝධනය අනුව මාරු කාසිවල ගැටළුවක් පැන නගින බවත් එයට පිළියමක් ලෙස පෙර ගෙවුම් කාඩ් පත් ගෙන ආ යුතු වුවත් එයට නිසි වැඩපිළිවෙලක් මෙතෙක් සිදු කර නොමැති බව ද ගැමුණු විජේරත්න මහතා කියා සිටියේය.

දිනකට කෙටි මාර්ග සඳහා ධාවනය වන බස් රථවලින් මාරු කාසි නොමැති කමින් රුපියල් 800 ත් 900 ත් අතර පාඩුවක් සිදුවන බවත් එය දුර ගමන් යන බස් රථ සඳහා රුපියල් 1500 ත් 2000ත් අතර වන බවත් සභාපතිවරයා පැවසීය.