Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

ට්‍රම්ප් සහ කිම් ජොන් අතර හමුව ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව ලබන ජූනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වෙන බව පැවසේ. හමුව පැවැත්වෙන දිනය සහ ස්ථානය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසිනි. ඒ, ට්විටර් පණිවුඩයක් හරහාය.

සාම මාවතකට පිවිසි සිටින උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනපති ට්‍රම්ප් අතර හමුව කෙරෙහි කාගේත් අවදානය යොමු වී ඇත්තේ එය ඓතිහාසික හමුවක් වනු ඇති බැවිනි.

උතුරු කොරියා නායකයකු සහ ඇමෙරිකා ජනාධිපතිවරයකු එකිනෙකා හමුවන පළමු අවස්ථාව වේ. හමුව පිළිබඳ පෙර දැනුම් දී තිබුණ ද, ඒ සඳහා නිශ්චිත දිනයක් හෝ වේලාවක් වෙන් කර නොතිබුණි. උතුරු කොරියා සහ දකුණු කොරියා දේශසීමාවේදී දෙදෙනා හමුවීමට කැමැත්ත පළ කර තිබුණි. එසේ වුවහොත් නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවලට දකුණු කොරියාවෙන් හෝ චීනයෙන් හෝ බලපෑම් එල්ල වීමට ඉඩ ඇති බවට බියක් පවතී.

දෙරටටම පොදු තැනක් ලෙස සිංගප්පූරුවේදී හමුව පැවැත්වෙනු ඇත්තේ ඒ අනුව යැයි පැවැසෙයි. හමුව පැවැත්වීම සඳහා සිංගප්පූරු බලධාරීන්ගෙන් සහාය නොඅඩුව හිමිවනු ඇති ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ. හමුව පැවැත්වෙනු ඇත්තේ විශේෂ ආරක්ෂාවක් යටතේය.