Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

5%කින් බස් ගාස්තුත් නගී

රජය ඉහළ දමනු ලැබූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තුවද වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට පහළොවකින් ඉහළ දැමීමට රජය අවසර ලබාදිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවැසීය.

රජය බස් ගාස්තු වැඩිවීමකට අවසර නොදුණහොත් සියලු බස් සංගම් ඒකරාශී කර බස් ගාස්තු වැඩිවීම වෙනුවෙන් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවැසීය. ඉන්ධන මිල ගණන් මෙවැනි විශාල අගයකින් ඉහළ දැමීම ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉතා තදින් බලපාන බවත් යහපාලන රජය බලයට පැමිණි දවසේ සිට ‍පොදු ප්‍රවාහනය වෙනුවෙන් කිසිවක් නොකළ බවත් අංජන ප්‍රියන්ජිත් මහතා සදහන් කරයි.

බස් ගාස්තුව ඉහළ දැමීම සඳහා ඉදිරි සතිය ඇතුළත ජාතික ගමනාගමන කොමිසම සහ ප්‍රවාහන අමාත්‍යාංශය ක්‍රියා කළ යුතු බව පැවැසූ අංජන ප්‍රියන්ජිත් මහතා ඒ පිළිබඳව තවදුරටත් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බස් හිමියන් කටයුතු නොකරන බවද පැවසීය. එම නිසා බස් ගාස්තුව වෙනුවෙන් ඉදිරි සතිය තුළ වර්ජනයකට අවතීර්ණ වීමට සියලු කටයුතු අද (11) සිටම සූදානම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.