Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

නාය අවදානමෙන් පවුල් 15,000 ක් ඉවතට

ශ්‍රී ලංකාවේ නායයෑමේ අධි අවදානමක් පවතින ප්‍රදේශවල පවුල් 15,000 ක් පමණ සිටින බව හඳුනාගැනේ. ඔවුන් එම ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ වන විට නුවරඑළිය, බදුල්ල, මාත‍ලේ, කෑගල්ල, කළුතර, හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක ගණනාවක නායයෑමේ අවදානමක් පවතින බව පැවසේ. ඒ අනුව මේ වසර තුළ පවුල් 6000 ක් එම අවදානම් ප්‍රදේශ වලින් ඉවත් කිරීමට සැලසුම්කර ඇත. මේ අතර, අවදානම් සහිත ස්ථානවල ජීවත්වන ජනතාවට ආරක්ෂිත ස්ථානයකින් ඉඩමක් මිලදී ගැනීම සඳහා රජය රුපියල් ලක්ෂ 4ක් ලබා දේ. එමෙන්ම නිවසක් ඉදිකර ගැනීමට රුපියල් ලක්ෂ 16ක් ද ඉදිරියේදී ලබාදීමට සැළසුම් කර ඇති බව සඳහන් වේ.