Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 20, 2018

රාජ්‍ය විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ආයතන තුළ ප්‍රතිසංවිධානයක්

රාජ්‍ය මාධ්‍ය ආයතන පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අග්‍රාමාත්‍යවරයා මැදිහත්වේ.

රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ පාර්ශ්ව කිහිපයකින් ලබාගත් වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනූව රජයේ මාධ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු සියල්ල වෙනස් කිරීමට රජය තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස රූපවාහිනි සංස්ථාව, ස්වාධීන රූපවාහිනිය, ගුවන්විදුලි සංස්ථාව හා සැලසිනේ ආයතනයේ සභාපති තනතුරු වෙනස් කරන ලදී. කෙසේ නමුත් ඉදිරි සති දෙකක කාලය තුළ තවත් රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු හතරක් වෙනස් කිරීමට නියමිත අතර, සියලුම රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රතිසංවිධානය කිරීම එම වැඩපිළිවෙළේ අරමුණයි.