පාකිස්ථානයේ ක්වෙටා පළාතේ පතලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ. පතල තුළ සිදුවූ ගෑස් පිපිරීමක් හේතුවෙන් අනතුර සිදුව ඇති අතර ඉන් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ බව පාකිස්ථාන බලධාරින් පවසයි.
පාකිස්ථානයේ ක්වෙටා පළාතේ පතල් කර්මාන්තය බහුල වශයෙන් සිදුවන අතර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අඩු පහසුකම් හේතුවෙන් නිරන්තරයෙන් එම ප්‍රදේශවලින් අනතුරු වාර්තා වේ. 2011 වසරේදී ද අදාළ ප්‍රදේශයේ පතලක් තුළ සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තිබිණි.