Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව

වසර 2019 සිට සාමාන්‍ය පෙළට පෙනී සිටින සියලු දරුවන්ට උසස් පෙළ හැදැරීමේ අවස්ථාව සලසා දෙමින් 13 වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරීමත්, අනාගත රැකියා වෙළඳපොළ ජයගත හැකි දිශානතියකට දරුවන් යොමුකිරීමත් රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන සම්බන්ධව විවිධ විවේචන, චෝදනා, මතවාද පැවතියත්, ලොව පිළිගත් අධ්‍යාපනඥයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයන් සහ නිර්දේශ ඇසුරෙන් මෙම ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාත්මක කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අනාගත රැකියා වෙළඳ පොළ අවශ්‍යතා වර්තමානයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බවත්, එම වෙනස්වීම්වලට ගැළපෙන පරිදි වෘත්තීය හැකියාවන් සන්නද්ධ කරගත් දරුවන් ඉදිරියේ දී පාසල් පද්ධතියෙන් බිහිකළ යුතුව පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය.