Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 17, 2018

ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොං උන් හමුව ගැන ලොවම විමසිල්ලෙන්

එය ද ඉතාම සුවිශේෂී අවස්ථාවක් බවට පත් වනු ඇත්තේ බලයේ සිටින උතුරු කොරියානු සහ ඇමෙරිකානු නායකයින් දෙදෙනකු එකිනෙකා හමුවන්නේ ඉතිහාසයේ පළමු වතාවට වීම නිසාය.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොං - උන් අතර සාකච්ඡාවලදී අවධානය යොමු වනු ඇතැයි සඳහන් වන ප්‍රධානම කාරණා දෙකක් තිබේ. එනම් උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි වැඩසටහන අත් හැරීම සහ ඇමරිකාව උතුරු කොරියාවේත්, කිම් ජොං-උන් පාලනයේත් ආරක්ෂාව තහවුරු කිරීම.

පළමු වැන්න ඇමරිකාවේ ඉල්ලීම වන අතර දෙවැන්න උතුරු කොරියාවේ ඉල්ලීමයි. උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ඉදිරියට ගෙන ගියේ ඇමරිකාව, දකුණු කොරියාව වැනි පාර්ශ්ව එක්ව තම රට ආක්‍රමණය කිරීමට සැලසුම් කරන බව කියමිනි. මේ වනවිට උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ක්‍රියාත්මක වන වෙළෙඳ සම්බාධක ඉවත් කර ගැනීම ද උතුරු කොරියාවේ තවත් අරමුණක් වේ. ඔවුන් න්‍යෂ්ටික අවි වැඩසටහන නතර කිරීමට එකඟ වනු ඇත්තේ ඔවුන්ගේ කොන්දේසි ද ඉටු වන්නේ නම් පමණක් බව සැලකිය හැකිය.