Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

බුරුන්ඩි රාජ්‍යයේ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මරුට

බුරුන්ඩි රාජ්‍යයේ ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇත. ආයුධ සන්නද්ධව කඩා වැදුණු පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සන්නද්ධ පිරිස විසින් වෙඩි තැබීමෙන් අනතුරුව පිහි ඇණුම් ද සිදුකර පුද්ලයන් ඝාතනය කර ඇත.

බුරුන්ඩි රාජ්‍යයේ ඇතිවී තිබෙන දේශපාලන අස්ථාවරත්වයත් සමග මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට ජනාධිපතිවරයා 2034 වසර දක්වා බලයේ රැදී සිටීම වෙනුවෙන් ලබන සතියේදී ජනමත විචාරණයක් පැවැත්වීමට ද නියමිතයි.