Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

භූමිතෙල් සහනාධාරය ජුනි පළමු වැනි දින සිට

භූමිතෙල් පරිභෝජනය කරන විදුලි සැපයුම නොමැති සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට සහ වතුකරයේ නිවෙස්වලට පැරණි මිලටම භූමිතෙල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි.

ඒ අනුව අදාළ සමෘද්ධිලාභීන් සඳහා භූමිතෙල් සහනාධාරය සඳහා වන පළමු ගෙවීම ජුනි මස පළමු වැනි දින සිට සිදුකරන බවයි, එම අමාත්‍යාංශය සඳහන් කළේ.

විදුලිය නොමැති සමෘද්ධිලාභී සාමාජිකයින්ගේ පවුල්වලට ඔවුන්ගේ සමෘද්ධි දීමනාවට අමතරව භූමිතෙල් සහනාධාරය ගෙවීමට හැකිවන පරිදි මහා භාණ්ඩාගාරය විසින් සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය වෙත අදාළ ප්‍රතිපාදන නිකුත් කර තිබේ. එමෙන්ම ධීවරයින් සඳහා ද අදාළ භූමිතෙල් සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවයි, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.