Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

කිරි පිටි රුපියල් 50 කින් ඉහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ නැංවීමට ජීවන වියදම් අනුකමිටු පාරිභෝගික කටයුතු අධිකාරියට නිර්දේශ කර තිබේ. අදාල කමිටුවේ සාමාජික කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා පැවසුවේ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ද නිර්දේශ කර ඇති බවයි.

කිරිපිටි සමාගම් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 75 කින් ඉහළ නැංවීමට අවසර ඉල්ලා තිබූ බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් අදාල නි‍ර්දේශයන් ආර්ථික කමිටුව වෙත යොමු කිරීමෙන් පසු එහි අනුමැතිය මත පමණක් මිල වැඩි කිරීමක් සිදු වනු ඇත.