Social Icons

facebookrss feedemailtwitter

Friday, May 4, 2018

අල්ලස් ගත් ජනපති කාර්ය මාණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති 9 වැනි තෙක් රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව පැවසේ.


ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු‍වේ 03 වැනි දිනය. රුපියල් කෝටි 56 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10කට කේවල් කර රුපියල් කෝටි 2ක අත්තිකාරම් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා සඳහන් කළේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ලබන 9 වැනි දා දක්වා මොවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.