Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

ද. ආසියාවේ රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 202 ක් තරග බිමේ

මේ දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රටවල් 7කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 202ක් තරග බිමට පිවිස සිටී.

මේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 84ක්, ඉන්දියාවෙන් 68ක්, පාකිස්ථානයෙන් 16ක්, මාලදිවයිනෙන් 13ක්, බංග්ලාදේශයෙන් 11ක්, නේපාලයෙන් 07ක්, හා භූතානයෙන් 03ක් සුගතදාස පිටියේ තම දස්කම් ඉදිරිපත් කළේය.


දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය මෙවර පැවැත් වෙන්නේ තෙවැනි වරටයි. වසර 2009 දී කොළඹදී හා වසර 2013 දී ඉන්දියාවේ දී මේ ශූරතාවලිය පැවැත්වූ අතර, මෙවර ශ්‍රී ලංකාවේ තරගාවලිය පැවැත්වීම ලාංකික ක්‍රීඩිකාවන්ට ලැබුණු අවගි අවස්තාවක් වශයෙන් පෙන්වා දිය හැකිය. දකුණු ආසියාවේ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ශූරතාවලිය ප්‍රබල අත්දැකීමක් වනු ඇතැයි ද ක්‍රීඩා විචාරක අදහසයි.