Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 6, 2018

මෙවර ලෙබනන් මහ මැතිවරණයට කාන්තා ප්‍රතිශතය ඉහළයි

ලබන 6 වැනිදා පැවැත්වෙන ලෙබනන මහ මැතිවරණය සඳහා කාන්තා අපේක්ෂිකාවන් රැසක් ඉදිරිපත්ව සිටියි. පාර්ලිමේන්තු ආසන 595 ක් සඳහා පැවැත්වෙන මෙවර ලෙබනන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව 86 කි.

මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ 976 ක පිරිස අතරින් කාන්තාවන් 113 දෙනෙකු සිටිය ද නව මැතිවරණ නීති යට‍තේ ඔවුන් සියලු දෙනාටම අපේක්ෂකත්වය ලබා ගැනීමට පහසු නොවේ. ලෙබනන මැතිවරණය තුළ ඉහළම කාන්තා නියෝජනය මෙවර මැතිවරණයේදී පෙන්නුම් කරන ලබන අතර, එය  සියයට 15 ප්‍රතිශතයක් බව සඳහන් වේ.


2009 වසරේ පැවති මහ මැතිවරණයේදී ඉදිරිපත්ව ඇති කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව 12 කි. ඔවුන් අතුරින් පවතින දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින්නේ අපේක්ෂිකාවන් 8 දෙනෙකු පමණි. අනෙක් සෙසු අපේක්ෂිකාවන් සියලු දෙනාම ස්වාධීන අපේක්ෂිකාවන් බව පැවසේ.

මේ අතර 2018 මහ මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් අතරින් සියයට 50.8 ක ප්‍රමාණයක් කාන්තාවන් බව ද විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.