Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 1, 2018

ජාත්‍යන්තර කම්කරු දිනය සැමරේ

1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලිසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

එහිදී කම්කරුවන් විශාල පිරිසක් මිය ගිය අතර, තවත් පිරිසක් අත්අඩංගුවට පත් විය. කම්කරුවන්ගේ එම අරගලය ආරම්භ වූ මැයි මස පළමු වැනි දින ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට 1889 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය පියවර ගත් අතර එදින සිට මැයි මස පළමු වැනි දින ලොව සෑම රටක්ම ලෝක කම්කරු දිනය සමරයි.