Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට

ගාසා තීරයේදී විශාල පිරිසක් මරුට ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයින් 41 දෙනෙකු පමණ මරුමුවට පත් වූ බව පලස්තීන බලධාරීහු පවසති.

එහිදී තවත් පලස්තීන වැසියන් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වූ බව ද ඔවුහු පවසති.


ගාසා තීරයේ එම ප්‍රචණ්ඩ ක්‍රියා හටගත්තේ අමරිකා එක්සත් ජනපදය ජෙරුසෙලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබියදීය. අමරිකාවේ ක්‍රියා පිළිවෙතට දැඩි විරෝධය පළ කරන පලස්තීන වැසියන් එය දකින්නේ ජෙරුසෙලමේ පාලනය අරභයා ඊශ්‍රායලයට සහය දැක්වීමක් හැටියටය. නැගෙනහිර ජෙරුසෙලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරති. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසෙලමට පැමිණ සිටියහ.