Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

ප්‍රංශ - චීන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික, චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා 16 වැනි දින ප්‍රංශයේ Paris හිදී එරට විදේශ අමාත්‍ය Jean -Yves Le Drian මහතා හමු වේ.

පසුව පැවැති මාධ්‍ය හමුවේදී Wang Yi මහතා “ එක් තීරයක් - එක් මාවතක් ” වැඩපිළිවෙළ ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් කළේය. “එක් තීරයක් - එක් මාවතක්” නැමති ව්‍යාපෘතිය චීනයෙන් ඉදිරිපත් කළ නමුත් එමඟින් ලබාගත් විවිධ ජයග්‍රහන සමස්ත ලෝකයටම අයත් වේ.

පසුගිය වසර 5ක කාලය තුළ “ ඒක් තීරයක් - එක් මාවතක් ” හා සම්බන්ධ ඒ ඒ රටවලට විවිධ ප්‍රායෝගික වාසි රැසක් ලබා ගැනීමට හැකි විය. චීනය හා ප්‍රංශය සාමකාමීව සාකච්ඡා කිරීම මඟින් “ එක් තීරයක් - එක් මාවතක් ” වැඩපිළිවෙළ සංවර්ධනය කිරීමට එක්ව සහභාගී විය හැකියි.

විශේෂයෙන්ම තුන්වැනි පාර්ශවික වෙළෙඳපළ පුළුල් කිරීම කෙරෙහි විවිධ සහයෝගීතාවන් ඔස්සේ, චීනය හා ප්‍රංශය අතර අනෝන්‍ය අවබෝධය වැඩිදුරටත් ශක්තිමත් කර ගත හැකියි. එමෙන්ම වඩාත් පුළුල් සහයෝගී අවස්ථාවන් සොයා ගත හැකි බවත් හෙතෙම එහිදී කියා සිටියේ ය.