Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

කටාර් රාජ්‍යයේ දිනක සේවා කාලය පැය 10ක් වෙයි

කටාර් රාජ්‍යයේ සේවය කරන සේවක සේවිකාවන්ට දිනකට වැඩ කළ යුතු උපරිම කාලය පැය 10 ක් බව තහවුරු කරමින් එරට පරිපාලන සංවර්ධන හා කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.

සාත්තු සේවක, රියදුරන්, උද්‍යාන ශිල්පීන් හා කෝකිවරුන් යන රැකියාවලට අදාළවයි මෙම කාලසීමාව ප්‍රකාශයට පත් කර ඇත්තේ. එමෙන්ම සතියකට එක් දිනයක් නිවාඩු දිනයක් විය යුතු බව ද එම නිවේදනය මගින් අවධාරණය කර ඇත. අදාළ නීති උල්ලංඝනය කරමින් සේවය ලබාගන්නා පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව දැනුම් දිය හැකි බව කටාර් රජය ප්‍රකාශ කර තිබේ.