Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 16, 2018

මොක්ටාඩා අල් සදාර් ජය ගනී

ෂියා මුස්ලිම් සන්නද්ධ කල්ලි නායක මොක්ටාඩා අල් සදාර් සහ ඔහුට හිතවත් ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂ ඉරාක පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සහාය ලැබුණු වර්තමාන ඉරාක අගමැති හදීර් අබීදි ඇතුළු තවත් අපේක්ෂකයන් කිහිප දෙනකු මැතිවරණයට ඉදිරිපත් වී සිටි අතර ඔවුන් පරාජයට පත් වී ඇතැයි වාර්තා වේ. ඉරාකයේ අගමැති හදීර් අබීදිගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා තිබුණේ ෂියා මුස්ලිම් සන්ධාන රජයකි.

දැඩිමතධාරී ආගමික නායකයකු ද වන මොක්ටාඩා අල් සදාර් 2003 වසරේ දී ‘මහ්දි හමුදාව’ යනුවෙන් සන්නද්ධ කල්ලියක් පිහිටුවීය. සදාම් හුසේන්ගේ පාලනය පෙරලා දමමින් ඉරාකය ආක්‍රමණය කළ ඇමෙරිකා  හමුදා සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් බස්රා නුවරදී ප්‍රහාර එල්ල කළේ මෙම සන්නද්ධ කල්ලියයි.  ඇමෙරිකා හමුදා ගුවන් යානා රැසක් පහර දී බිම දමා ඇත්තේ ද මොක්ටාඩා අල් සදාර්ගේ උපදෙස් අනුවය.