Social Icons

facebookrss feedemailtwitter

Friday, May 11, 2018

ඇමරිකානු රාජ්‍ය ලේකම් උතුරු කොරියාවේ සංචාරයක

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හදිසියේ උතුරු කොරියාවේ සංචාරයක යෙදී ඇති අතර ඔහු ආපසු එනවිට එරට සිරගතකර සිටි ඇමරිකානුවන් තිදෙනකු කැටුව එන බවට ද රාවයක් පවතියි.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඵෙතිහාසික හමුවකට පෙර සූදානමක් ලෙස පොම්පියෝ පැමිණි බව වාර්තා වේ. උතුරු කොරියානු රජයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේ සුහදත්වය සංකේතවත් කරමින් උතුරු කොරියාව සිරකරුවන් නිදහස් කිරීමට සූදානම් බවයි.