Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා අසාර්ථක වීමෙන් ඉතාලිය දේශපාලන අර්බුදයක

සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඒකාබද්ධ සාකච්ඡා අසාර්ථකවීම හමුවේ ඉතාලියට යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඉතාලියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා අසාර්ථකවීම හමුවේ මෙම වසර අවසාන වන තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට හෝ යළිත් මැතිවරණයක් පැවැත්වීමට හෝ සිදුව ඇති බවය.

සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවති තෙවන සාකච්ඡා වටය ද අසාර්ථකවීම හමුවේ රජයට විකල්ප 2ක් පමණක් තවදුරටත් ඉතිරිව ඇති බව ඉතාලි ජනපති සර්ජියෝ මටරෙල්ලා සඳහන් කරයි. ලබන ජූලි මාසයේදී නව මැතිවරණයක් පවත්වන ලෙස එරට ප්‍රධාන දේශපාලන පක්ෂ බල කරන බව ද ජනපතිවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය. ඉතාලිය මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ, පසුගිය මාර්තු මාසයේ පැවති මහ මැතිවරණයේත් බහුතර බලයක් හිමිකර ගැනීමට තනි දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් අපොහොසත් වීම හමුවේය. මාර්තු 4 වැනි දින පැවති මැතිවරණයේ අවිනිශ්චිත ප්‍රතිඵල හමුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඊට පෙර දරූ ප්‍රයත්නයන් ද ව්‍යර්ථ වී ඇත.