Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

අපනයන ආදායම වර්ධනය වේ

මෙරට අපනයන ආදායම පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 915 යි දශම 7 දක්වා සියයට 5 යි දශම 5 කින් වර්ධනය වී තිබේ. එම කාලය තුළ ආනයන වියදම ද ඩොලර් බිලියන 1 යි දශම 9 ක් දක්වා සියයට 22 යි දශම 8 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ සදහන් කරයි.

මේ අනුව, පෙබරවාරි මාසයේ ආනයන අපනයන වෙළඳ පරතරය ඩොලර් මිලියන 1072 දක්වා ඉහළ ගොස් තිබේ. වසරේ මුල් මාස දෙක පිළිබද සැලකූ විට අපනයන ආදායම ඩොලර් මිලියන 1881 දක්වා සියයට 8 යි දශම 6 කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් පෙන්වා දී ඇත්තේ.