Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 10, 2018

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙන්ම ප්‍රතිසන්ධාන ක්‍රියාදාමයට තවදුරටත් සහාය දෙන බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් කලාපයන්හි තානාපති ටුං ලායි මාගු මහතා කියා සිටියේ සියලු ශ්‍රී ලාංකිකයින්ට සාමය හා සමෘද්ධිය සහතික කිරීම සදහා පවතින ගැටළු නිරාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රගතියක් දක්නට ඇති බවයි.

යුරෝපා දිනය නිමිත්තෙන් ඉකුත් අගහරුවාදා කොළඹ සවස පැවැති උත්සව අවස්ථාවකට එක් වෙමින් ටුං ලායි මාගු මහතා මේ අදහස් පළ කළේය. ශ්‍රී ලංකාවේ ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමයේ තහනම ඉවත් කිරීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇතිව තිබෙන අතර ජී.එස්.පී. ප්ලස් වෙළෙඳ සහනය ලබා දීම තුළින් ද ප්‍රගතියක් අත්කර ගෙන ඇත. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ලද ධීවර නිෂ්පාදන සදහා වූ තහනම 2016 වසරේ දී යුරෝපා සංගමය විසින් ඉවත් කරනු ලැබීය.