Social Icons

facebookrss feedemailtwitter

Saturday, May 19, 2018

චීන - ඇමරිකා අර්බුදයේ වර්තමාන ස්වභාවය

චීනය හා ඇමරිකාව අතර පසුගිය දා වෙළඳ තහංචි පැනවීම සම්බන්ධයෙන් විශේෂ කතාබහක් නිර්මාණය වී තිබිණ. ඒ අනුව බදු පනවා ගැනීම ද සිදු විය.

ඇමරිකානු ජනාධිපතිවරයා චීනයට විරුද්ධව සිය මතය මෙහෙය වන්නේ අනාගත ආර්ථික අරමුණු පෙර දැරිව බව බොහෝ විචාරක අදහස වී තිබේ. විවිධ කේෂ්ත්‍ර තුළින් චීනය දක්වන දියුණුව ඇමරිකාවට අභියෝගයක් ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා දකී.


මේ වන විට ඇමරිකානු ජනාධිපතිවරයාගේ නවතම චෝදනාව බවට පත්ව ඇත්තේ, ආරක්ෂාව අතින් චීනයෙන් සිය රටට තර්ජනයක් පවතින බවයි නමුත් චීනයේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා වා චූයියින්ග් මහත්මිය එල්ල වන මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

චීනය පසුගියදා DJIBOUTI නම් අප්‍රිකානු රාජ්‍යයේ විදේශීය රටක තම පළමු හමුදා කඳවුර ඉදිකිරීමට කටයුතු කරන ලදී. ජිබූටි රාජ්‍ය ක්‍රමෝපායික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබේ. මේ නිසා ලොව ප්‍රබල රටවල් කිහිපයක් වන ඇමරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය වැනි රටවල් මෙහි තම හමුදා කඳවුරු පවත්වා ගෙන යනු ලබයි.


අරාබි අර්ධද්වීපයේ රතු මුහුදින් වෙන්වන දේශ සීමාවත්, සූවස් ඇළ මාර්ගයට සෘජුවම පිහිටි ස්ථානයක් වන මෙම ජිබූටි හී පිහිටි චීනයේ හමුදා කඳවුර අවට ඉහළ අහසින් ඇමරිකානු ගුවන් යානා පියාසර කරන අවස්ථාවල දී එම යානා සඳහා චීන හමුදා කඳවුර ආසන්නයේ සිට හමුදාමය කටයුතු සඳහා භාවිත කෙරෙන ලේසර් කිරණයන් තම ගුවන් යානා වලට එල්ල කරන බවට මෙවර ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් චෝදනා කර තිබේ.

නමුත් චීනය පවසන්නේ එවැන්නක් සිදු නොවන බවයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ, සිය ගුවන් නියමුවන් මේ පිළිබඳව චෝදනා කර ඇති බවයි. ප්‍රහාරක ගුවන් යානා සඳහා ඉන් බලපෑමක් සිදු නොවන අතර, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා ‍මින් තර්ජනයක් එල්ලවන බවට චෝදනා කෙරේ. මේ නිසා ගුවන් නියමුවන් දෙදෙනෙකුට අක්ෂි රෝගී තත්ත්වයන් මතුව ඇති බව ද පැවසේ.

මීට පෙර අවස්ථාවක දී ඇමරිකාව විසින් කියුබාවේ පිහිටි තම තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් අපහසුතාවන්ට ලක්වන අන්දමින් අධි සංත්‍යාත ශබ්ද යොදා ගන්නා බවට කියුබාවටද මෙලෙසින්ම චෝදනා කෙරිණ. එම නිසා ඔවුන්ට ශ්‍රවණ ආබාධ ඇති වූ බව එවර නැගුණු චෝදනාව විය.

කෙසේවුවත් මේ සම්බන්ධව චීනයේ ස්ථාවරත්වය වන්නේ අවශ්‍ය ඕනැම ස්ථානයක කඳවුරු පිහිටීමට ඇමරිකාවට මෙන්ම චීනයට ද අයිතියක් ඇති බවයි. මේ පිළිබඳව කඩිනමින් සෙයා බලා තමන් පියවර ගන්නා බවට ඇමරිකාවට චීනය පොරොන්දු වී ඇති බව ද පැවසේ.