Social Icons

facebookrss feedemailtwitter

Friday, May 18, 2018

ජාතික රණවිරු සැමරුම අදයි

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර අද දිනට වසර 09 ක් සපිරේ. 2006 වසරේ දී ආරම්භ වූ අවසන් මානුෂීය මෙහෙයුම නිමා වූයේ 2009 වසරේ මැයි මස 18 වැනි දිනය.

තිස් වසරක් පුරා පැවැති යුද්ධයේදී යුද හමුදාවේ 23,962 ක්, නාවික හමුදාවේ 1160 ක්, ගුවන් හමුදාවේ 443ක් රට බේරා ගැනීම වෙනුවෙන් දිවි පුදා ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ‍පොලීසියේ 2568 ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් ජීවිත පූජා කර තිබේ.

නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවය හෙට (19) පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙන බව, යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පස්වරු 3.15 ට මෙය ආරම්භ වේ. ඔවුන් සිහිපත් කර පැවැත්වෙන මෙම අනුස්මරණ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සියලුම ආණ්ඩුකාරවරුන්, සියලුම අමාත්‍යවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ‍පොලිස්පති ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිතයි.