Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

උතුරු කොරියාවේ ආර්ථිකය ශක්තිමත් කරනවා

උතුරු කොරියාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමක් කිරීමට සහාය දීමට ඇමරිකාව සූදානම් බව,  ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි. ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා මේ බව පවසා ඇත්තේ, පසුගියදා උතුරු කොරියාවේ සංචාරය කරමින් සිය රටට යළි පැමිණීමෙන් අනතුරුවයි.

එම සංචාරයේ දී උතුරු කොරියා නායකවරයා සහ මයික් පොම්පේඕ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණ. එම සාකච්ඡා සාර්ථක වූ බව ද පැවසේ. ඇමරිකාව උතුරු කොරියාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කර එරට වැසියන්ගේ සමෘද්ධිය වෙනුවෙන් කැප පෙවන්නේ, උතුරු කොරියාව මුළුමනින්ම න්‍යෂ්ටික කටයුතු නවත්වා න්‍යෂ්ටික අවි බැහැර කළහොත් පමණක් බව පැවසේ.