Social Icons

facebookrss feedemailtwitter

Sunday, May 13, 2018

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිගේ උපන් දිනයට බෝනස්

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ නිර්මාතෘ සහ හිටපු ජනාධිපති, ෂයික් සෙයිඩ් බින් සුල්තාන් අල් - නහියන්ගේ සියවන උපන්දිනය නිමිත්තෙන් රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්ට සහ රජයේ සහනාධාර ලබන පුද්ගලයන්ට පාරිතෝෂිකයක් ලබාදීමට එමිරෙට්ස් රජය කටයුතු කරන බව වාර්තා වේ.



අදාළ පාරිතෝෂිත මුදල ඊඩ් අල් ෆිට්ර් උදාවීමට පෙර ගෙවන ලෙස එමිරෙට්ස් ජනාධිපතිවරයා නියෝග කර ඇති බව පැවසේ. පාරිතෝෂිත මුදල් ගෙවීම සඳහා එමිරෙට්ස් ඩිරාම් බිලියන 1.6ක් වෙන් කර ඇති බව ද වාර්තා වේ.