Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 9, 2018

ඉන්දීය රුපියල ද අව ප්‍රමාණය වේ

ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටී ඇත. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ අගය ලෙස සටහන් වන්නේ රුපියල් 67.27 ක් ලෙසයි. එය 2017 වසරේ පෙබරවාරි 8 වැනිදායින් පසු වාර්තාවූ අවම අගය බව පැවසේ.

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළයාම සහ ඒ හේතුවෙන් ගෙවුම් ශේෂය ඉහළයාමේ අවදානම මෙලෙස ඉන්දීය රුපියල අව ප්‍රමාණවීමට හේතුව ලෙස සැළකේ. ඇමරිකානු බැඳුම්කර ඵලදාව ඉහළ යාම ද ඊට තවත් හේතුවක් වශයෙන් පෙන්වා දිය හැකිය. ආනයනකරුවන්ගෙන් ඩොලර් සඳහා ඉල්ලූම ඉහළ යාම ද ඉන්දීය රුපියල කඩාවැටීමට බලපා ඇති බව සඳහන් වේ.