Social Icons

facebookrss feedemailtwitter

Tuesday, May 15, 2018

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරයි.

The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙනුයි අභ්‍යාවකාශගත කර ඇත්තේ.


ස්පේස් එකස් ආයතනයේ ෆෝල්කන් 9 රොකට්ටුවකින් අභ්‍යාවකාශ ගතකර තිබෙන මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් වියදම් කර ඇතැයි වාර්තා වේ.

එම ගවේෂණ යානය මගින් ඉදිරි වසර 02ක් තුළ දීප්තිමත් තාරකා දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් වටා ඇති ක්ෂිරපථය පරීක්ෂාවට ලක් කිරීමට හැකිවනු ඇති. එම යානය සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් පිහිටි ග්‍රහලෝක 20,000 ක් වත් හඳුනාගනු ඇති බවට නාසා ආයතනය විශ්වාසය පළ කරයි. එසේම එහිදී පෘථිවියට සමාන ග්‍රහලෝක 50 ක් වත් එම යානයට සොයා ගැනීමට හැකි වනු ඇතැයි ද නාසා ආයතනය වැඩිදුරටත් පවසනවා.

කෙසේ වුවත් පෘථිවියෙන් එපිට ජීවයක් පැවතීම සම්බන්ධයෙන් කරනු ලබන පර්යේෂණ සඳහා මෙම නව චන්ද්‍රිකාව මඟින් ලබා ගන්නා තොරතුරු ඉතා වැදගත් වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.