Social Icons

facebookrss feedemailtwitter

Wednesday, May 2, 2018

ජපානය සමඟ සාකච්ඡා පැවැත්වීමට කිම් ජොන් උන් කැමති වේ

තමන් ජපානය සමඟත් සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි. උතුරු කොරියාව පසුගිය දා සිදුකළ දිගු දුර මිසයිල අත්හදා බැලීම් ජපානයට තර්ජනයක් විය. එනිසා උතුරු කොරියාව සහ ජපානය අතර යම් මත භේදයක් පවතී.

මේ වනවිට සියලු න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ මිසයිල අත්හදා බැලීම් නැවැත්වීමට උතුරු කොරියාව තීරණය කර ඇත. අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් විවෘත යැයි උතුරු කොරියාව පවසා ඇති නමුත් ජපානය තවමත් ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දී නොමැති බව පැවසේ.