Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 26, 2018

යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 30ක් මරුට

යේමනයේ වයඹ දිග කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් දරුවන් 22ක් ඇතුළුව 30දෙනකු මියගොස් තිබේ.

මීට සති කිහිපයකට පෙර පාසැල් දරුවන් ගමන් කළ බස් රථයකට එල්ලවූ ගුවන් ප්‍රහාර වලින් දරුවන් 40ක් මියගියහ. යේමනයේ මෙම ගුවන් ප්‍රහාර එල්ල කරනු ලබන්නේ සවුදි ඒකාබද්ධ සංවිධානය විසින් බව පැවසේ.

මේ අතර යේමනයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් කුඩා ළමුන් 22 දෙනෙකු ඝාතනයට ලක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළාදැක තිබේ. සෞදි අරාබිය විසින් මෙහෙයවන ලද ගුවන් ප්‍රහාරවලින් කුඩා ළමුන් 22 දෙනෙකු සහ කාන්තාවන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත් විය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම ඝාතනය හෙලාදැක ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.