Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

ශ්‍රී ලංකා IMF ගිවිසුම අවසන්වේ යළි දීර්ඝ නොකිරීමට සැරසේ

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම මේ වසරේදී අවසන් වේ. එය යළි දීර්ඝ නොකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසු අංශ කිහිපයක් ඔස්සේ ජනතාවට සහන ලබාදීමට ද රජය තීරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති ගිවිසුම අනුව ජනතාවට සහන දීමේ සීමා පැනවී ඇති අතර වියදම් සීමා කොන්දේසිද දැනුම් දී තිබුණි. පසුගිය රජය සමයේ 2013 වර්ෂයේදී මෙම ගිවිසුම අත්සන් කර තිබූ අතර, එය මෙම වසරේදී අවසන් වීමට නියමිතයි.