Social Icons

facebookrss feedemailtwitter

Friday, August 24, 2018

පවුල් 8 ලක්ෂයකට සමෘද්ධිය ලබන මස සිට

ප්‍රතිලාභ හිමිවිය යුතු එහෙත් මෙතෙක් සමෘද්ධි දීමනාව නොලැබුණු පවුල් 8 ලක්ෂයකට සමෘද්ධි දීමනාව ලබන මස සිට ලබා දීමට රජය තීරණය කරයි.

රජය මේ තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය. සුදුසුකම් සපුරා තිබුණ ද වසර ගණනාවක සිට ඉල්ලීම් කරමින් සමෘද්ධි දීමනාව නොලද පවුල් ලක්ෂ අටක් වෙනුවෙන් සැප්තැම්බර් මස සිට සමෘද්ධි දීමනාව ගෙවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. මෙම දීමනාව ලබා දීම ආරම්භ කල දින සිට එකවර මෙතරම් සංඛ්‍යාවකට සමෘද්ධිය ලබා දෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ද පැවසේ.