Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අගමැති පවසයි

වසර 2022 දී මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ 72 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් නවදිල්ලි නුවර රතු බලකොටුවේ පැවැති උත්සවයේදී නරේන්ද්‍ර මෝදී ඒ බව සදහන් කළේය. මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුමක් දියත් කළ සිව්වැනි රට බවට ඉන්දියාව පත්වන බව ද අගමැති මෝදි මෙහිදි පවසා ඇත. මීට පෙර ඇමෙරිකා එක්සත් ජනපදයත්, රුසියාවත්, චීනයත් අවස්ථා කිහිපයකදී මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම් දියත් කර තිබිණ.