Social Icons

facebookrss feedemailtwitter

Monday, August 20, 2018

වසර 10 කට පසු දුම්රිය ගාස්තු සංශෝධනයක්

ඔක්තෝබර් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරිමට නියමිත බව අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි . ඒ අනුව සියයට 15 කින් පමණ දුම්රිය ගාස්තු ඉහළ යනු ඇති බව වාර්තා වේ. මෙම දුම්රිය ගාස්තු සංශෝධනයේදී රුපියල් 10ක්ව පවතින අවම දුම්රිය ගාස්තුව එලෙසම පවතින බව අමාත්‍යාංශය සඳහන් කර ඇත. කෙසේවුවත් 2008 වසරෙන් පසු මෙතෙක් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.