Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය 16 ඇරඹේ

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය එළැඹෙන 16 වැනි දින සිට 26 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත යැයි මහනුවර දළඳා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව 12 වැනි දින සතර දේවාලයන් හි සිදුකරන කප් සිටුවීමේ චාරිත්‍රායෙන් පසුව 2018 ඇසල පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරේ. ඉන් අනතුරුව එදින සිට සතර දේවාල පෙරහැර පැවැත්වෙන අතර 16 වැනි දින සිට 20 වැනි දින දක්වා කුඹල් පෙරහැර ද, 21 වැනි දින සිට 25 වැනි දින දක්වා රන්දෝලි පෙරහැර ද පැවැත්වේ. 

25 වැනි දින අවසන් රන්දෝලි පෙරහැර විථී සංචාරය කෙරෙන අතර 26 වැනි දින ගැටඹේ තොටේ දි සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් පසුව දහවල් පෙරහැර පැවැත්වේ.