Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 12, 2018

ඉන්දුනීසියාවට තවත් ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ පසුගියදා ඇති වූ භූ කම්පනයෙන් විපතට පත් වූවන් සෙවීමේ කටයුතු අවසන් වීමටත් පෙර තවත් ප්‍රබල කම්පනයක් සිදුවේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව මැග්නිටියුඩ් 5.9 ක් ලෙස මේ කම්පනය සටහන්වී ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිලි කීපයක් ද කඩා වැටී තිබේ. එම භූ කම්පනයෙන් විපතට පත්වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා කැණීම් සිදුකරමින් සිටියි.