Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 21, 2018

ඉන්දුනීසියාවේ තවත් භූමි කම්පාවක්

ඉන්දුනීසියාවේ සංචාරක දූපතක් වන ලොම්බොක් දූපතට උතුරට හා ඊසන දිගට වන්නට වන මුහුදේ රික්ටර් මාපකාංක 7.2ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් සිදුව ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද භූ සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

ලොම්බොක් දූපතේ සිට උතුරට හා ඊසන දිගට කිලෝමීටර 124ක් දුරින් මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර මුහුද අභ්‍යන්තරයේ සිදුව ඇති අතර එහි ගැඹුර කිලෝමීටරයක් පමණ වන බව පැවසේ. ශාන්තිකර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නැත. මේ මස මුලදී එම දූපතේ ඇති වූ භූ කම්පනයකින් 430 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.