Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 16, 2018

සංවිධානාත්මක අපරාධ මැඩීමට විශේෂ ඒකක 25ක්

විවිධ ප්‍රදේශවල තුළ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මර්දනයට විශේෂ ඒකක 25ක් ස්ථාපිත කෙරේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යටතේ මෙම විශේෂ ඒකක 25 ක්‍රියාත්මක කෙරේ. විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය පමණක් එම විශේෂ ඒකකවල මෙහෙයුම් සිදු කරනු ඇති.

මීට අමතරව රට පුරා දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් සැඟවී සිට ජාවාරම් කරන සියලු ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට ද තීරණය කර තිබේ.