Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

ඔබ නවකවදයට විරුද්ධ නම් පැමිණිළි කළ හැකියි

විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිදු කෙරෙන නවකවදය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගණනාවක් ගෙන ඇතැයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, නවක වදයට ලක්වන වන සිසුන්ට ඒ සඳහා පැමිණිලි කිරිමට හදිසි දුරකතන අංකයක් සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විශේෂ කාර්යාලයක් පිහිටුවා තිබේ.

නවක වද සිද්ධීයක් වු වහාම ඒ පිළිබඳව පැය 24 පුම පවත්වා ගෙන යන 011-2 123 700 දරණ හදිසි දුරකතන වහාම දැනුම් දිය යුතු අතර ඒ පිළිබද විශ්වවිද්‍යාල බලධාරින් ද දැනුම්වත් කර අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයට ද පැමිණිලි කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටී.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර සියලු දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතව තැබේ.