Social Icons

facebookrss feedemailtwitter

Tuesday, August 14, 2018

සිරියාවේ ආයුධ ගබඩාවක පිපිරීමක් 39 ක් මරුට

සිරියාවේ වයඹදිග කැරලිකරුවන් යටතේ පවතින ඉඩ්ලිබ් හි ආයුධ ගබඩාවක් පිපිරීමෙන් ළමුන් දොළොස්දෙනෙක් ඇතුළුව තිස්නවයක් මියගොස් තිබේ.

සර්මදා නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ලේ ගබඩා කර ඇත්තේ නීති විරෝධීව ආයුධ ගෙන්වන පුද්ගලයකුට අයත් ආයුධය. තව පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇති බව පැවසේ. කැරලිකරුවන් භාරයේ ඇති අවසන් ප්‍රදේශය ඉඩ්ලිබ් වන අතර සිරියානු හමුදාවේ මීළඟ ඉලක්කය එය ග්‍රහනයට ගැනීමය. පසුගිය මාස කිහිපයේදී රුසියාවේ හා ඉරානයේ සහය ලබන සිරියාව එරට පුරා සිටින ජිහාද් කැරලිකරුවන් සාර්ථක ලෙස මර්දනය කිරීමට සමත් වූහ.