Social Icons

facebookrss feedemailtwitter

Friday, August 17, 2018

ගාසා තීරයේ ප්‍රධානතම භාණ්ඩ හුවමුරු මාර්ගය යළි විවෘත කරයි

ගාසා තීරයේ ප්‍රධානතම භාණ්ඩ හුවමුරු මාර්ගය නැවත විවෘත කිරීමට ඊශ්‍රායලය සූදානම් වේ.

පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් එය විවෘත කරන බවයි, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත. එමෙන්ම ගාසා මුහුදු තීරයේ ධීවර කටයුතු සඳහා වෙන් කර ඇති මුහුදු කලාපය කිලෝ මීටර 17ක් දක්වා පුළුල් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පලස්තීනයෙන් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඊජිප්තුව හා ඊශ්‍රාලයේ සිට ගාසා තීරයට භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ ගාසා තීරයේ කරීම් ෂලෝම් ලෙස හඳුන්වන දේශ සීමා මංසන්ධිය මානුෂීය මෙහෙයුම් සඳහා වසා තැබීමට ඊශ්‍රායලය පසුගියදා තීරණය කර තිබිණි.